fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලදිවයිනේ ජනාධිපතට විරුද්ධව දෝෂාභියෝගයක්

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 14:39

මාලදිවයිනේ ජනාධිපතට විරුද්ධව දෝෂාභියෝගයක්

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට විරුද්ධව එරට විපක්ෂය දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා.

මාලදිවයිනේ ප්‍රධාන විපක්ෂය වන මාලදවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාලන කාලය තුළ දී ඉන්දියාව සමග පවත්නා රාජතාත්ත්‍රික සබදතා පළදු කර ගැනීමට කටයුතු කර ඇති බව විපක්ෂය චෝදනා කරනවා.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත් බවයි වාර්තා වන්නේ.

දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් විපක්ෂයට බහුතර බලයක් අවශ්‍ය වන්නේ නැහැ.

එය ජයග්‍රහණයක කිරීම සදහා ඔවුන්ට ඡන්ද 54ක් පමණක් ප්‍රමාණවත් වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 56ක් වනවා.

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්