fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 14:10

අනුප්‍රාප්තික වේත්‍රධාරී වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි

විශ්‍රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අනුප්‍රාප්තික වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදු කෙරුණා.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කොට අද (30) දින විශ්‍රාම ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී වන නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 2018 වසරේ සිට වේත්‍රධාරී ධුරයේ රාජකාරි ඉටු කළා.

මේ අනුව හෙට (31) දින පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා වැඩ භාර ගැනීමට නියමිතයි.

hasiniek
By hasiniek ජනවාරි 30, 2024 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්