මහනුවර නගරයේ පදික වෙළඳාම් සිදු කරන වෙළඳුන්ට විකල්ප ස්ථාන හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
කාල පමාව නිසා ගැටලු රැසක් මේ වන විට පැන නැගි ඇති බවත් ඒ සඳහා කඩිනම් විසදුම් සොයන ලෙසටත් ඒ මහතා බව සඳහන්.
ආණ්ඩුකාරවරයා මෙම උපදෙස් ලබා දුන්නේ “මහනුවර නගරයේ අනවසර වෙළෙදාම් සහ පදික වෙළදාම් පාලනය “පිළීබදව ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(29) පැවති රැස්විමට සහභාගි වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ යම් ඉදිකිරිමක් හෝ නිතියට පටහැනිව යම් ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ මොහොතේම ඒවා නැවැත්විමට කටයුතු කළ යුතු බවත් ඒසේ නොවී පසුව විසදුම් සෙවිමේ දී ගැටලු රැසක් මතුවන බවයි.
වෙළඳ ප්‍රජාවට ද යම් ගැටලු රැසක් ඇති බවත් පවතින ආර්ථික අර්බුද හමුවේ මෙම ප්‍රශ්න සියුම්ව විසඳුම් සෙවිය යුතු බවත් කිසිදු පාර්ශ්වකට අගතියක් නොවන පරිදි අදාළ කටයුතු සිදු කිරිම වැදගත් බවත් ඒ මහතා සඳහන් කළා.
වෙළෙඳ සංගම් නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ පදික වෙළඳාම නිසා තමන්ගේ වෙළඳාම් කටයුතු සඳහා යම් බලපෑමක් සිදුව ඇති බවත් රජයේ තක්සේරු කඩකුලි විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසාද තමන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි.