නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහිව මාතර ගොවීන් ආරම්භ කර ඇති සත්යග්රහයට දින 7ක් ගතවී තිබෙනවා.
විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දැමුවා.
නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහි විරෝධතාකරුවන් මාතර නගරයේ රැදී සිටීම රාජ්ය ආයතනවල ආරක්ෂාවට තර්ජනයක් බවත් ලවන බාධකය කඩා දැමීමේ සූදානමක් පවතින බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.
මේ අනුව මාතර ජල පාරිභෝගිකයන් සමග විරෝධතාකරුවන් ගැටුමක් ඇතිකර ගැනීමේ අවදානමක් පවතින බව පවසමිනුයි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.
එම ඉල්ලීම ප්රතික්ෂේප වීමත් සමග විරෝධතාකරුවන් මාතර සනත් ජයසූරිය ක්රීඩාංගනය ඉදිරිපිට විරෝධතාවේ සහ සත්යග්රහයේ නිරතව සිටිනවා.
ඔවුන් පවසන්නේ පසුගිය දිනවල අධික වර්ෂාවත් සමග නිල්වලා ගග පිටාර ගැලීමෙන් කුඹුරු අක්කර විසිදහසක් විනාශ වූ බවයි.
ලවන බාධකය නිසා ගගෙහි ජලය මුහුදට ගලා නොයාමෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි ඔවුන් පවසන්නේ.