fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමෙන් තවත් 868ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:35

යුක්තිය මෙහෙයුමෙන් තවත් 868ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 536 දෙනෙකු මත්ද්‍රව්‍ය චෝදනාවන් යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන්  332නෙකුද මෙසේ අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.

ගංජා කිලෝග්‍රෑම් 123 යි ග්‍රෑම් 600ක් මාවා ග්‍රෑම් 249ක්,  හෙරොයින් ග්‍රෑම් 120ක් අයිස් ග්‍රෑම් 98ක් හා මත්පෙති 31611ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 668 දෙනා අතරින් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි 5 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

වව්නියාව ප්‍රදේශයේදීද අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. ඇය සන්තකයේ මිලිග්‍රෑම් 920ක් තිබූ අතර සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා වව්නියාව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පියවර ගැනුණේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්