fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම කදුකර ජල පෝෂක රක්ෂිතවලට ගිනි තබයි – අක්කර ගණනාවක් විනාශයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:10

මධ්‍යම කදුකර ජල පෝෂක රක්ෂිතවලට ගිනි තබයි – අක්කර ගණනාවක් විනාශයි

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල සහ ජලාශ රක්ෂිතවලට ගිනි තැබිම් නිසා අක්කර 100 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ ළදු කැළැ සහ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් අත්අඩංගුවට
ගැනිමට පියවර ගෙන ඇති බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසනවා.

රක්ෂිත සහ ළදු කැලැවල වෙසෙන සතුන් දඩයම් කිරිමේ අරමුණින් සහ විනෝදාශ්වාදය සදහා කිසියම් පිරිසක් විසින් පසුගිය දින කිහිපය තුළ වටවල සිට හැටන් දක්වා උඩරට දුම්රිය මාර්ගයෙත්, තේ වතු ආශ්‍රිතව තෙත්බිම් කලාප වලත්, කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල සහ ජලාශ රක්ෂිත වලට ගිනි තැබිම් නිසා
අක්කර 100 කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇත.

ගිනි තැබිම් හේතුවෙන් එම රක්ෂිත හරහා ගලා බසින ජල මුලාශ සිදිගොස් විශාල පරිසර හානියක්ද සිදු වි ඇති බවයි ගිනිගෙන විනාශ වි ඇති රක්ෂිත අවට පදිංචිකරුවන්
කියා සිටින්නේ.

මෙසේ රක්ෂිත සහ ළදු කැලැවලට ගිනි තබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට පියවර ගන්නා ලෙස හැටන්, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය ,
නෝටන්බ්‍රිජ්, ගිනිගත්හේන, වටවල සහ පොල්පිටිය යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව එසේ ගිනි තබන පුද්ගලයන් පිලිබදව තොරතුරු ඇතොත් ළගම ඇති පොලිස් ස්ථානය වෙත හෝ 071859114 ජංගම දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්