fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:12

අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට අනවසරයෙන් මාඑළිය රක්ෂිතය තුළට ඇතුළු වී මැණික් ගරමින් සිටි පුද්ගලයින් 04 දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) වන දින බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය රක්ෂිතය තුළ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී දිගු කලෙක පටන් අනවසරයෙන් මාඑළිය රක්ෂිතය තුලට ඇතුළු වී ස්වාභාවික රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩිලෙස හානි සිදුකරමින් බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 04 දෙදෙනෙකු මැණික් ගැරීමට භාවිතා කරන උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්