fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 08:48

කැලණි සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350කට වැඩි පිරිසක් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාල ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාවක නිරතව සිටිනවා.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ උද්ඝෝෂණයක් සිදුකළා.

ඒ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවුණා.

උද්ඝෝෂණය විසුරුවා හැරීම සදහා පොලිසිය ජල ප්‍රහාර සහ කදුලු ගෑස් එල්ල කළා.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඊයේ රාත්‍රියේ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධතාව අඛණ්ඩව සිදුකළ අතර මේ වන විටත් සිසුන් 350කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්