fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් උත්සවය වෙනුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 08:40

නිදහස් උත්සවය වෙනුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

අද (30) සිට ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු ආරම්භ වන අතර පෙරහුරු පැවැත්වෙන දිනයන්හී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැසුමක් ද ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි පෙරහුරු පැවැත්වෙන 30,31,01,02,03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් මෙය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03වැනි දින පස්වරු 02.00 සිටද රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 30, 2024 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්