fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොරේන්සෝ පුතා 04 මුදාගනී

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 16:08

ලොරේන්සෝ පුතා 04 මුදාගනී

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදායි.

මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී බහුධින ධීවර යාත්‍රාවේ තිබු සියලු සබදතා හදිසියේ ඇණහිටියා.

ඊට පෙර යාත්‍රාවේ සිටි ධීවරයින් එම මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි යාත්‍රා දෙකකට දැනුම්දී තිබුණේ තමන්  මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වු බවයි.

ඒ පිළිබද යාත්‍රාවේ හිමිකරු දැනුවත් කිරීමට එම ධීවර යාත්‍රාවල සිටි පිරිස කටයුතු කළා.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ පැහැරගැනීමට ලක්වූ මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන ලෙස රටවල් 39කින් යුත් බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දීමට ද කටයුතු කෙරුණේ මෙවන් පසුබිමක් තුළයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ද යාත්‍රාව පිළිබද කරුණු අධ්‍යනය කරමින් ජාත්‍යන්තරය සමග දිගින් දිගටම සබදතා පවත්වනු ලැබුවා. එම සියලු ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස සීෂෙල්ස් නාවික හමුදාව මගින් ලොරෙන්සෝ පුතා හතර යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහනයෙන් මුදාගනු ලැබුවේ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනාගේ සුරක්ෂීත බව ද ආරක්ෂා කරමින්.

මුහුදු කොල්ලකරුවන් තුන්දෙනකු ද අත්අඩංගුවට ගැනීමට සීශෙල්ස් නාවික හමුදාවට හැකිවුණා.

නිරුපද්‍රිතව බේරා ගත් ධීවර යාත්‍රාව හා ධීවරයින් වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා.

මේ අතර ධීවරයින් හා යාත්‍රාව බේරා ගැනීමට කටයුතු කළ සියලු පාර්ශ්ව වලට රජයේ ස්තූතිය පළකරන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 16:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්