දරුවන්ගේ සෞඛ්‍යයට හානි කරන ඉලෙක්ට්‍රික් දුම්පානය කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබෙනවා.
දිනෙන් දින ඉහළ යන තරුණ තරුණියන් දුම්පානය කිරීම වැළැක්වීමේ සැලසුමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මකයි.
බ්‍රිතාන්‍ය සංඛ්‍යා ලේඛනවලට අනුව එරට වයස අවුරුදු 11 සිට 17 දක්වා ළමුන්ගෙන් 7.6% ක් නිතිපතා හෝ ඉඳහිට ඉලෙක්ට්‍රික් උපාංග භාවිතයෙන් දුම්පානය සිදු කරනවා.
එය 2020 වසරේ දී 4.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම තහනම රට පුරා රට පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.
කෙසේ වෙතත් වයස අවුරුදු 18 ට අඩු ඕනෑම කෙනෙකුට මෙම දුම්වැටි අලෙවි කිරීම දැනටමත් නීති විරෝධී ලෙසයි සැලකෙන්නේ.