ජපානයේ සඳ මෙහෙයුම නැවත ආරම්භ වී තිබෙනවා.
ඒ එහි ලෑන්ඩරය නැවතත් පණ ගැන්වීමට හැකිවීමත් සමඟයි.
ජපාන සඳ ලෑන්ඩර් යානයේ විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් එහි කටයුතු ඇණහිට තිබුණා.
එරට අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ඊයේ රාත්‍රියේ ලෑන්ඩරය සමඟ සම්බන්ධතා නැවත ඇති කර ගත් අතර දෝෂය නිවැරදි කරගෙන ඇති බව වාර්තා වනවා.
සූර්යාලෝකය ලැබීමත් සමඟ එය පණගැන්වී තිබුණා.
පසුගිය ජනවාරි 20 වනදා යානය සඳ මත ගොඩබස්වන ලද අතර සූර්ය කෝෂ සූර්යයාගෙන් ඉවතට යොමුව තිබීම නිසා එයට විදුලිය නිපදවීමට නොහැකි වුණා.