fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක වදය සිදුවීමට අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 13:22

නවක වදය සිදුවීමට අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් ඇප මත මුදාහැර තිබෙනවා.

අද (29) දහවල් බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

විශ්වවිද්‍යාල සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් සිසුන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත්තා

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් 1997දුරකතනයට ලැබුණු පැමිණිල්ලක් මත සමන්වැව පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා භාෂා අධ්‍යයන පිඨයේ 4වන වසරේ සිසුනු 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

එම සිසුන් මොරවක රුක්ගහවිල, අලුත්තරම, ඉමදූව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්