fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහලේ දමා ගිය බිලිඳා දින 11කට පසු මියයයි – පැන ගිය මවුපියන් අල්ලන්න නියෝග

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 11:42

රෝහලේ දමා ගිය බිලිඳා දින 11කට පසු මියයයි – පැන ගිය මවුපියන් අල්ලන්න නියෝග

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රසූත කිරීමෙන් අනතුරුව දමා ගොස් සිටියදී මරණයට පත්වූ දින එ⁣කොළහක් වයැසැති බිලිඳු දරුවෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කර තිබෙනවා.

ළදරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය දුන්නා

නොමේරූ තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවෙකුටත් නොදන්වා මීට දින කීපයකට පෙර පිටව ගොස් තිබුණා.

ඒ අතරේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් තිබෙනවා.

ඒ අනුව මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ තෙන්නකෝන් මහතා පොලීසියට නියම කළ බව සඳහන්.

එසේම ළදරුවාගේ මාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දන්වන ලෙසද නියම කර තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 29, 2024 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්