fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 11:35

රජයේ විධායක නිලධාරීන් අද ලෙඩවෙයි

රාජ්‍ය සේවයේ විධායක සේවා ගනයට අයත් නිලධාරීන් පිරිසක් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්ව සිටිනවා.

වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

වෘත්තීය සමිති 17කට අයත් විධායක සේවා නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවී සිටිනවා.

ඔවුන් අද (29)  දහවල් කාලයේ විරෝධතා පවත්වා ඉන් අනතුරුව තම වෘත්තී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිති පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්