fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේනයේ යටිතල පහසුකම් රැසකට රුසියාවෙන් ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 09:56

යුක්රේනයේ යටිතල පහසුකම් රැසකට රුසියාවෙන් ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර

රුසියාව යුක්රේනයේ යටිතල පහසුකම් රැසක් ඉලක්ක කර ගනිමින් තවදුරටත් ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

යුක්රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාව මධ්‍යම පොල්ටාවා කලාපයට ඉස්කැන්ඩර් මිසයිල දෙකකින් ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයට ඉහළින් S-300 මිසයිල තුනක් ද එල්ල කළා.

රුසියාව ඩ්‍රෝන යානා භාවිත කරමින් එල්ල කළ ප්‍රහාර අටෙන් හතරක් ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීමෙන් ව්‍යර්ථ කළ බව යුක්රේන ගුවන් හමුදාව පවසනවා.

එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් තිදෙනෙක් තුවාල ලැබුවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්