fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ලේ ගින්නකින් වෙළෙඳසැල් 30කට හානි

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 08:34

මාවනැල්ලේ ගින්නකින් වෙළෙඳසැල් 30කට හානි

මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොල ඉදිරිපිට පිහිටි කඩ පෙළක හටගත් ගින්නකින් කඩ 30ක් විනාශ වුණා.

ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගැනීමත් සමග වහා ක්‍රියාත්මක වූ මාවනැල්ල පොලිසිය හා ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා.

ගින්නෙන් පළතුරු හා සෙල්ලම්බඩු වෙලෙදසැල් කිහිපයක් විනාශ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගින්න හට ගැනීමට බලපෑ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 29, 2024 08:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්