විශ්වවිද්‍යාල සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් සිසුන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් 1997දුරකතනයට ලැබුණු පැමිණිල්ලක් මත සමන්වැව පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා භාෂා අධ්‍යයන පිඨයේ 4වන වසරේ සිසුනු 06 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
එම සිසුන් මොරවක රුක්ගහවිල, අලුත්තරම, ඉමදූව හා කිතලව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.