fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාත සඳහා සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 12:20

උතුරු පළාත සඳහා සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයක්

උතුරු පළාත සඳහා සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු උඩයාර්කට්ටු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.

යාපනය , මන්නාරම , කිලිනොච්චිය , මුලතිව් හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ජනතාවට සෙත සැලසීමේ අරමුණින් ආරම්භ කෙරෙන සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානය හරහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

අක්කර 4ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ස්ථානය සමෘද්ධි හා අස්වැසුම් ප්‍රතිලාභීන්ට ජීවනෝපාය හා නායකත්ව පුහුණුවීම් මෙන්ම සමෘද්ධි නිලධාරීන් සඳහා විවිධ වැසඩටහන් සඳහා යොදා ගැනීමට නියමිතයි.

එය විවෘත කෙරුණේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී ඩී කළුආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්