fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘ලොරෙන්සෝ පුතා’ බේරගන්න මෙහෙයුම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 12:10

‘ලොරෙන්සෝ පුතා’ බේරගන්න මෙහෙයුම් ඇරඹෙයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගිය ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස රටවල් 39කින් සැදුම්ලත් බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දී ඇති බව නාවික හමුදාව පවසවනවා.

ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව හලාවත දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගියේ පසුගිය 12 වනදායි.

එහි සිටි ධීවරයින් 6 දෙනෙක් සමග එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

මෙරට මුහුදු සීමාවේ සිට නාවිකා සැතපුම් 1160 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පැහැර ගැනීම සිදු වු බවටයි වාර්තා වුණේ.

පැහැර ගැනීමට ලක්වු ධීවරයින් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බලධාරීන් පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්