මෙරට ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් පුරෝගාමී නිවේදිකාවක වූ අභාවප්‍රාප්ත නන්දා ජයමාන්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද සිදුකෙරෙනවා.
ඒ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 94 වන වියේ පසු වුණා.
50 දශකයේ මුල් භාගයේදී ගුවන් විදුලි සේවයට එක් වූ ඇය බාහිර නිවේදිකාවක ලෙසින් වැඩසටහන් ඉදිරිපත් කළා.
ප්රවෘත්ති සංස්කරණ කටයුතු ද ඇය සිදු කර තිබෙනවා.
පසුව නන්දා ජයමාන්න මහත්මිය කාන්තා හා ලමා වැඩසටහන් නිෂ්පාදනයට යොමු වුණා.
ළමා රංගපීඨය ,ටිකිරි සිනහ රැලි, ලමා සංගීත සන්ධ්‍යාව වැනි වැඩසටහන් රැසක් ඇය නිෂ්පාදනය කළා.
වර්තමාන ආකෘතියේ කාන්තා වැඩසටහන්වල නිර්මාතෘවරිය වන්නේද ඇයයි.
ස්වාධීන රූපවාහිනිය සමඟ එක් වූ නන්දා ජයමාන්න මහත්මිය නිවේදක නිවේදිකාවන් පුහුණු කිරීම මෙන්ම විවිධ වැඩසටහන්වලට ද සම්බන්ද වුණා.
ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කර තිබූ මාලා නාට්‍ය හා වැඩසටහන් සිංහලයට පරිවර්ථනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ද ඇය ස්වාධීන රූපවාහිනියේදී ඉටු කළා.
ඒ මහත්මියගේ දේහය මේ වන විට කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/slUpbdZOvZg”]