හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙලිඅත්තෙන් නිහිලුවේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙලිඅත්ත නිහිලුවේ පදිංචිව සිටි වීරපුලිගේ පුංචි හාමි නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවක ඉකුත් 17 වැනිදා නිවසේදී මිය ගොස් තිබිණි.
වසර දහයක පමණ කාලයක සිට ඇය රෝගාතුරව සිටියදී මෙලෙස මියගොස් ඇත. ආච්චි මිය ගිය බව නිහිළුව ගමේ ග්‍රාම සේවක මහතාට පහළොස් හැවිරිදි මුනුපුරා විසින් දන්වා ඇති අතර ආච්චි මිය ගිය බව පොලීසියට පැමිණිලි කරන ලෙසට ග්‍රාමසේවකවරයා මුණුපුරාට දන්වා තිබෙනවා.
මුණුපුරා පොලීසියට ගොස් ආච්චි මිය ගිය බවට පැමිණිලි කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා පදිංචි නිවස ආසන්නයේ පිහිටි නිවසක 30 වැනිදා සොරකමක් සිදුව තිබී ඇති අතර නිවසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව ඇත.
මෙම සොරකම සම්බන්ධයෙන් අසල්වැසි නිවසේ වාසය කළ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්යයාගෙන්ද බෙලිඅත්ත පොලීසිය ප්‍රශ්න කර තිබිණි.
තමා රන් භාණ්ඩ සොරකම් කළ බවට පාසල් ශිෂ්‍යයා පොලීසිය හමුවේ පිළිගෙන ඇතැයි පැවසේ.
එමෙන්ම මිය ගිය මිත්තණිය ගෙල බැඳි රන්මාලයද තමා කඩා ගත් බව ඔහු පොලීසිය හමුවේ පවසා තිබිණි.
පාසල් ශිෂ්‍යයා කරුණු හෙළි කරන විට මිත්තණිය මිය ගොස් සිටි බැවින් ඇයගේ මරණයට සැකපිට මුණුබුරා බෙලිඅත්ත පොලීසිය විසින් 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මිය ගිය කාන්තාවගේ සිරුර හෙට ගොඩගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා බෙලිඅත්ත කොට්ඨාසයට අයත් පාසලක ඉගෙන ගන්නා අතර ඔහු එම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කරන්නෙකු බවට අනාවරණය වී තිබෙනවා.