fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 09:22

යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 803 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 803 දෙනා අතුරින් අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241 දෙනෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

හෙරෝයින් ග්‍රෑම් 212ක් , අයිස් ග්‍රෑම් 101ක්,ගංජා කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 825ක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පස් දෙනෙකු රඳවා තබාගෙන විමර්ෂණ කිරීමට රැඳවුම් නියෝග ලබාදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2024 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්