කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ පියවරක් වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වන විට ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වනවා.
මේ යටතේ එම ගම්මානවල විවිධ කෘෂි ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර රජය විසින් ලබා දෙන ව්‍යාපෘති නොව ගොවි ජනතාවගේ හැකියාව හා ඉල්ලීම මත අරඹන ලද ව්‍යාපෘති රැසක් මේ වනවිට එම ගම්මානවල ක්‍රියාත්මක වෙයි.
ඒ යටතේ ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් බෙදා දෙනු ලැබුවා.
මේ සදහා වන වැඩ සටහනක් අගුනකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.