fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘තේරෙන සිංහලෙන් ෆොටෝග්‍රැෆි’ ග්‍රන්ථය දොරටවඩී

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 15:36

‘තේරෙන සිංහලෙන් ෆොටෝග්‍රැෆි’ ග්‍රන්ථය දොරටවඩී

ප්‍රවීණ ඡායාරූප ශිල්පී අතුල රණරාජා මහතා රචිත තේරෙන සිංහලෙන් ෆ්‍රොටෝග්‍රැෆි ග්‍රන්ථය දොරටවැඩීම කොළඹ නව නගර ශාලාවේදී සිදුවුණා.

පළමු කෘතිය තම මුල් ගුරුවරයා වූ ගුණරත්න දිසානායක මහතාට පිළිගැන්වීමටයි අතුල රණරාජා මහතා කටයුතු කළේ.

ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ ඡායාරූප හා මාධ්‍ය නිර්මාණවේදී අතුල මහවලගේ මහතා සිදුකළා.

මෙම ග්‍රන්ථය ඉතා පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවන අයුරින් සරල සිංහල භාෂාවෙන් රචනා කර ඇති අතර  ඉදිරියේදී ඡායාරූපකරන ක්ෂේත්‍රයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා දැනට ක්ෂේත්‍රයේ නියැලෙන අත්දැකීම් ලබාගනිමින් සිටින අයට බොහෝ සෙයින් ඉවහල් වන ඉතා වටිනා කෘතියක් බවයි  පොත හඳුන්වා දෙමින් ඡායාරූප ශිල්පී අතුල රණරාජා මහතා පවසා සිටියේ.

මහා සංඝරත්නය මෙන්ම ඡායාරූප ශිල්පී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විද්වතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 15:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්