fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සනත් නිශාන්තගේ රියදුරා ලබන 5 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 13:14

සනත් නිශාන්තගේ රියදුරා ලබන 5 වනදා දක්වා රිමාන්ඩ්

සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජීප් රථය ගැටුණු කන්ටේනර් රථය ධාවනය කළ රියදුරා ඇප මත මුදා හැරීමටයි වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මේ අතර අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

මේ වන විට දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ තැන්පත් කර තිබෙනවා.

සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේදී ආරච්චිකට්ටුව රාජක දලුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

සනත් නිශාන්ත මහතා ගේ අභාවය පිළිබද ප්‍රදේශයේ ජනතාව ද සිය ශෝකය පළ කළා.

අනතුරින් ජිවිතක්ෂයට පත් වු සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

මේ අතර ඒ මහතාගේ පවු‍ලේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රදානය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්