fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඹිලිපිටිය ඇල්ලේවැව ජලයෝජනා ක්‍රමයේ ඉදිකිරීම් ලබන වසරේ අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 12:17

ඇඹිලිපිටිය ඇල්ලේවැව ජලයෝජනා ක්‍රමයේ ඉදිකිරීම් ලබන වසරේ අවසන්

ඇඹිලිපිටිය ඇල්ලේවැව ජලයෝජනා ක්‍රමයේ සියලු ඉදිකිරීම් අවසන් කර ලබන වසරේ ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

වාරි ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

අදාළ ඉදිකිරීම් වේගවත් කරන ලෙස ඇය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

වලවේ ගගේ අතු ගංගාවක් වන එරාපෝරු ගගේ සිට කිතල බොක්ක අමුණ මගින් ජලය හරවා කඩිගන්ආරුව ඇල හරස් කරමින් ඇල්ලලේවැව ජලාශය නිර්මාණය කර තිබෙනවා.

2021 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා.

ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1532 ක් වැය කෙරෙනවා.

අලුතින් කුඹුරු අක්කර 350 කට මෙමගින් ජලය සැපයීමට හැකි වනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්