fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරන්දෙණිය නිවසක කාන්තාවක් මියයාමේ සිද්ධියේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 12:03

කරන්දෙණිය නිවසක කාන්තාවක් මියයාමේ සිද්ධියේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක තනිවම ජීවිත් වූ කාන්තාවක මියයාමේ සිද්ධියේ සැගවුණු තොරතුරු රැසක් හෙළි කර ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා.

වයස අවුරුදු 74 ක් වන මෙම කාන්තාව පසුගිය 21 වනදා සිහිසුන්ව නිවස තුළ වැටී තිබෙන අයූරු අසල්වාසීන් දැක තිබෙනවා.

අනතුරුව ඇය සුවසැරිය ගිලන් රථයකින් ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යාමටයි ප්‍රදේශවාසීන්  ක්‍රියා කළේ.

දින කිහිපයක් සිහිසුන්ව සිටි ඇය පසුගිය 25 වනදා ජීවිතක්ෂයට පත් වුණා.

මෙම කාන්තාවගේ සිරුරේ සීරීම් තුවාල දුටු වෛද්‍යවරුන් ඒ සම්බන්ධයෙන් මතු වූ සැකය මත කළ පරික්ෂණවලදී ඇය දූෂණයට ලක්ව ඇති බව හෙළි කර ගැනුණා.

ඒත් සමඟම පොලීසිය සැකකරුවකු අත්අඩංගුවට ගත්තා.

මේ අනුව කරන්දෙණිය පොලීසිය පුළුල් විමර්හන ක්‍රියාත්මක කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්