fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් අබලන් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 15:26

අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් අබලන් වෙයි

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් අබලන් වී තිබෙනවා.

ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ වාන් දැමීමත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී පැවතියා.

ඒ අනුව අම්පාර පොල්වත්ත හන්දියේ සිට කරාන, පහළලන්ද , පාදාගොඩ, හිදකලුගොල්ල ඇතුළු ගම්මානවල ජනතාව වැඩිවශයෙන් භාවිත කරන මාර්ග අබලන් වී තිබෙනවා.

ඒ හේතුවෙන් ජන ජීවිතයට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

යතුරුපැදියක් පවා ධාවනය කිරීමට නොහැකි තත්ත්වයකුයි මතුව තිබෙන්නේ.

වර්ෂාවත් සමඟ ජලනල මාර්ගයේ ද අබලන්වී ඇති බව අප වාර්තකරු සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්