fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලේඛිකාවට ඩොලර් මිලියන 83.3ක් ගෙවන්නැයි අධිකරණයෙන් ට්‍රම්ප්ට නියෝග

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 09:40

ලේඛිකාවට ඩොලර් මිලියන 83.3ක් ගෙවන්නැයි අධිකරණයෙන් ට්‍රම්ප්ට නියෝග

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිව සිටිය දී ලේඛිකාවක වන ඊ ජීන් කැරොල්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 83.3 ක වන්දියක් ගෙවීමට ඇමරිකා අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ පිළිබඳ නඩු විභාගයේදී ජූරි සභාව පැවසුවේ චිත්තවේග හා කීර්ති නාමයට හානි කිරීම සඳහා වන්දි වශයෙන් ඩොලර් මිලියන 18.3 ක් හා දඬුවම් ලෙස ඩොලර් මිලියන 65 ක් ගෙවිය යුතු බවයි.

කැරොල් එය හැඳින්වූයේ කාන්තාවක් පහත් කිරීමට උත්සාහ කළ සෑම හිරිහැර කරන්නෙකුගේම දැවැන්ත පරාජයක් ලෙසයි.

මේ පිළිබඳ අදහස් පළ කළ ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව අතිශයින්ම හාස්‍යජනක එකක් බව ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණ සිටියද තීන්දුව කියවන විට නඩු කාමරයේ රැඳී සිට නැහැ.

1990 වසරේදී ට්‍රම්ප් විසින් කැරොල් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මීට පෙර නඩු විභාගයකදී සොයා ගනු ලැබුවා.

කෙසේ වෙතත් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්