අභාවප්රාප්ත සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
මේ වන විට දේහය ආරච්චිකට්ටුව ප්රදේශයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ තැන්පත් කර තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා සැරයන් නිලයට උසස් කර තිබෙනවා.
මේ අතර ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් ප්රදානය කර තිබෙනවා.