fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු යාපනය වෙලා ගනී ජනවාරී මාසයට මරණ දෙකක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 08:38

ඩෙංගු යාපනය වෙලා ගනී ජනවාරී මාසයට මරණ දෙකක්

ඩෙංගු රෝගය වැළදීමෙන් ජනවාරි මාසයේදී පමණක් යාපනයේ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර පසුගිය වසරේ යාපනයේ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය මහජන පරික්ෂක කාර්යාලය විසින් පෙන්වා දෙනවා.

2023 වසරේ යාපනය දිස්ත්රි ක්කය තුළ පුද්ගලයින් 3986 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වි ඇති බව යාපනය දිස්ත්රිරක් රෝහල් අධ්යතක්ෂක වෛද්යප ටි.සත්ය මූර්ති මහතා ප්‍රකාශ කළා

යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග සෙවීම වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සෞඛ්‍ය  අංශ,ආරක්ෂක අංශ හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර සාකච්ජාවක්ද පසුගියදා පැවැත්විණ.

එහිදි ආණ්ඩුකාරවරිය පැවසූවේ ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පරිසරයක් පවත්වාගෙන යන සියළුදෙනා වෙත තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට යාපනය මහනගරසභාව හා මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් ඒක්ව යාපනය නගරයේ ‌ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයන්හි මෙන්ම මහජනතාව ගැවසෙන ස්ථානයන්හි ඩෙංගු දුමායන කටයුතු මේ දිනවල සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 27, 2024 08:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්