මාතලේ රත්තොට බණ්ඩරපොළ සේරුගොල්ල අමුනේ දිය නෑමට ගිය වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකු අද දින දියේ ගිලී මරණයට පත්ව තිබෙනවා.
මෙසේ දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ 11 වසරෙහි ඉගෙනුම ලබන මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මාතලේ කවුඩුපැලැල්ල ගල්වඩුකුඹුර ප්‍රදේශයේ පදිංචි ටිනුර ලක්ෂිත බණ්ඩාරනායක නැමැති පාසල් සිසුවා බව පොලීසිය පවසනවා.
මරණයට පත් වූ පාසල් සිසුවා සමඟ තවත් මිත්‍රයෙකු බන්ඩරපොළ සේරුගොල්ල අමුනේ දිය නෑමට ගොස් ඇති අතර මොවුන් දෙදෙනා දිය නෑමට පෙර බියර් පානය කර ඉන් අනතුරුව සේරුගොල්ල අමුණට බැස දියනා ගොඩට පැමිණීමට සූදානම් වන අවස්ථාවේදී පය ලිස්සා යාමෙන් පොකුණක් සහිත ප්‍රදේශයට මරණයට පත් වූ සිසුවා වැටීමෙන් මරණයට පත් වූ බවට ඔහු සමඟ ගිය අනෙක් තරුණයා ප්‍රකාශ කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙම සිද්ධියෙන් මිය ගිය සිසුවාගේ පියා කංකසංතුරේ පොලිස් ස්ථානයේ සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු කන්දෙනුවර පොලීසිය විසින් සිදු කරනු ලබනවා.