ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය සැමරීමේ විශේෂ උත්සවයක් 26 වනදා පෙරවරුවේ හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේදී පවත්වනු ලැබිය.
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ,කොන්සල් ජනරාල් හර්වින්දර් සිං (Harvinder Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබූ මෙම උත්සවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික ලේකම් ප්‍රියන්ත සුමන සේකර මහතා, ආරක්ෂක අංශයන්හි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් , ආගමික නායකයින් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටියහ.
1947 බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරන්නේ, 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි. එතැන් සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් ඉන්දියාව වාර්ෂිකව ජනවාරි මස 26 වනදින සමරනු ලබන ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිට ජාතික ධඡය ඔසවමින් පසු ජාතිය අමතා සිදුකිරීමට නියමිත නිදහස් දින පණිවුඩය හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ,කොන්සල් ජනරාල් හර්වින්දර් සිං (Harvinder Singh) මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.