fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමෙන් 871 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 12:08

යුක්තිය මෙහෙයුමෙන් 871 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය විසිහතරක කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 626 දෙනෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද 245 දෙනෙකු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස බවයි පොලිසිය සඳහන් කරන්නේ.

යුක්තිය මෙහෙයුම යටතේ මෙම කාලසීමාව තුළදී හෙරොයින් ග්‍රෑම් 231ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 129 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

සැකකරුවන්ගෙන් නවදෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

ගෝනහේන කඳවුරේ  නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීරිගම, අබේපුස්ස, රජයේ ගොවිපොළ අසලදීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහළොවකට ආසන්නයි.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්