fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 දෙනෙක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 08:36

නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 දෙනෙක් නාවික හමුදා භාරයට

කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ (2024 ජනවාරි මස 25 ) සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් 1856ක පමණ තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා සමඟ ඩිංගි යාත්‍රාවක්ද හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 12 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් තිදෙනා , හක් බෙල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පුත්තලම, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 08:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්