fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට UNDP සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 06:14

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට UNDP සහාය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) තාක්ෂණික සහය මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට ලබා ගැනීමේ අරමුණෙන් UNDP මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (24) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මේ වනවිට ලෝකයේ රටවල් හා කලාප 177 ක කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන දශක 6 ක් පුරා ශ්‍රී ලංකාවේ ඉටුකරනු ලැබූ සේවාවන් පිළිබඳ අමාත්‍යවරයා සිය ස්තුතිය ඔවුන්ට පුද කළා.

ඩෙංගු මදුරු ව්‍යාප්තියේ යම් වර්ධනයක් මෙරට තුළ මේ වනවිට පෙන්නුම් කරන හෙයින් ඩෙංගු මදුරු මර්දනය, ඩෙංගු කීටයන් හා මදුරුවන් බෝ වන ස්ථාන මෙන්ම මදුරු ව්‍යාප්තිය පිළිබඳව හදුනා ගැනීම, වැනි කරුණු සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම සහ ඊට අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙම හමුවේදී ඉල්ලා සිටියා.

එයට අමතරව මෙරට වැඩිහිටි ජනගහනය හා ආබාධිත පුද්ලයන්ගේ ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය හා කඩිනම්භාවය තවදුරටත් ඉහල නැංවීමට නවීන තාක්ෂණය භාවිතා කිරීම පිලිබදව මෙන්ම, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයුම් සදහා නවීන තාක්ෂණය යොදා ගනිමින් එම සැපයුම් කඩිනම් කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් මෙහිදී සාකච්ජා කළා.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කල ඉල්ලීම් වෙනුවෙන් අවශ්‍යය සහය ලබා දීමට නොපැකිලිව කටයුතු කරන බවට අසූසා කුබෝටා මහත්මිය මෙහිදී සඳහන් කල අතර ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) , ආසියානු සංවර්ධන බැංකුව (ADB), ඒඩ්ස් ,ක්ෂයරෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ ගෝලීය අරමුදල ( GFATM) වැනි සංවිධාන, ආයතන සමඟ සම්බන්ධ වී කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදුකරන බවත් වැඩිදුරටත් සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් ඒකාබද්ධ කළමනාකරණ කණ්ඩායමේ කණ්ඩායම් නායක Fadhil Bakeer Markar, ආර්ථික විශේෂඥ Dr. Vagisha Gunasekara යන මහත්ම මහත්මින්ද මෙම සාකච්ජාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 26, 2024 06:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්