fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුද හමුදාපතිගේ පැරශුට් පැනීම

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 13:29

යුද හමුදාපතිගේ පැරශුට් පැනීම

ඉතිහාසයේ පළමුවරට යුද හමුදාපතිවරයෙකු පැරශුට් පැනීමක් සිදුකළා.

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතායි මෙම ඉතිහාස ගතවන පැරශුට් පැනීම සිදුකළේ.

ඌව කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ පැරශුට් පුහුණු අංශය තුළ දී පැරශුට් පැනීම සඳහා අවශ්‍ය මූලික ශිල්පයන් ප්‍රගුණ කිරීමෙන් අනතුරුව උහන ගුවන් හමුදා කඳවුරේ පැරශුට් පතිත කලාපයේ දී මෙම පැරශුට් පැනීම සිදුවුණා.

ඒ සඳහා මාලදිවයින් ජාතික නිලධාරීන් තුන් දෙනෙකු හා සෙබළු 15 දෙනෙකු මෙන්ම යුද හමුදා විනයා රක්ෂකාධිපති ඇතුලු කර්මාන්ඩෝ සෙබළු 13න් දෙනෙකු ද එක්වුණා.

පැරශුට් පැනීමට එක්වු යුද හමුදාවේ වයසින් වැඩිම ජ්‍යෙෂ්ඨතම නිලධාරියා හා යුද හමුදාපතිවරයා ලෙස මෙම දස්කම දැක්වු පළමු නිලධාරියා විකුම් ලියනගේ මහතායි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්