fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුමෙන් තවත් 838 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 12:04

යුක්තිය මෙහෙයුමෙන් තවත් 838 දෙනෙකු අත්අඩංගුවට

පැය 24 ක් තුළ දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549 කු ඒ අතර වන බවයි  පොලීසිය පවසන්නේ.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289 කු ද මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05 කු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දස දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලයිස්තුවේ සිටි සැකකරුවන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුළත්.

එසේම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 246 දෙනෙකු ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

මේ අතර මෙමෙ මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 211 ක්,අයිස් ග්‍රෑම් 78 ක් , ගංජා කිලෝග්‍රැම් 16යි  ග්‍රෑම් 600ක් ,මාවා ග්‍රෑම් 493 ක්,මදනමෝදක ග්‍රෑම් 36 ක් සහ මත්පෙති 1192 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහාපරිමාන කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ඉරාන ජාතිකයෙකු කැස්බෑව මාකන්දන ගුණරත්න මාවතේ පිහිටි නිවාස සංකීර්ණයකදී පිලියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී අල්මාරිය තුළ සගවා තිබූ ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 ක් සොයා ගැනීමට පොලීසියට හැති වුණා.

ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකතන කිහිපයක්ද , කුෂ් මත්ද්‍රව්‍ය සුරුට්ටු ආකාරයෙන් එතීම සදහා භාවිත කරන ෆිල්ටර් විශාල ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර කොටහේන  ප්‍රදේශයේදී අයිස් ග්‍රෑස් 16යි මිලිග්‍රෑම් 350 ක් සමඟ සැකකරුවකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කොටහේන පොලීසියට භාර දුන් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

කුඩු අංජු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු මත්කරල් 1000 සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස ප්‍රදේශයේදීයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්