fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ පරිසර අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 11:58

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ පරිසර අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක් 

ශීතකරණ, වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්‍රයන්හි සේවා අංශයේ නියුතු කාර්මික ශිල්පීන් ප්‍රමිති ගැන්වීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීමට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ පරිසර අමාත්‍යංශයයි අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ.

පරිසර අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ උපයෝගීතා කොමිෂන් සභාව වෙනුවෙන් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව අදියර දෙකක් යටතේ ශීතකරන , වායුසමීකරණ හා ජංගම වායුසමීකරණ යන ක්ෂේත්‍රයන්හි නියුතු කාර්මික ශිල්පීන් බලගැන්වීම සිදුකෙරෙනවා.

දැනට මෙම වෘත්තියේ නිරත එහෙත් පිළිගත් වෘත්තීය සුදුසුකමක් නොමැති සියලුම කාර්මික ශිල්පීන්ට මෙම පාඨමාලාව පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වන මට්ටම නොමිලේ පිරිනැමෙනවා.

ගිවිසුම අත්සන් තැබීමෙන් පසු විදුලි බිල සම්බන්ධයෙන් ද මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්