fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී අසුනට ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 10:19

සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී අසුනට ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබයි

සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබෙනවා.

කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අද අළුයම මිය ගියා.

ඊයේ  රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙනුයි   අනතුර සිදුව තිබුණේ.

නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටි සනත් නිශාන්ත මහතා දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්