මෙවර මහකන්නයේ වී අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමඟ යාපනයේ ගොවි ජනතාව විසින් සිදු කරනු ලබන තෛපූසයි නැමති විශේෂ වූ දේව පූජාව පළමුව යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
නල්ලූර් කන්දසාමි කෝවිලේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන මෙම වී අස්වැන්න නෙලීමේ දේව මෙහෙය වසර 290ක් පුරා අඛණ්ඩව සිදු කෙරෙන අතර ඒ් සඳහා නල්ලූර් කෝවිලේ භාරකාර පූජකතුමන් ඇතුලු ප්‍රධාන පූජකවරුන් කිහිප දෙනෙකු සහභාගී වෙයි.
නල්ලූර් කන්දසාමි කෝවිලේ සිට පැරණි කාර් රථයකින් පූජකවරුන් අස්වැන්න නෙලීමට අවශ්‍ය ආම්පන්නද රැගෙන යාපනය මරවම්පුලව් ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායකදී මෙම අස්වැන්න නෙලීම සිදු කොට නෙලාගත් අස්වැන්න නැවතත් නල්ලූර් කන්දසාමි කෝවිල වෙතට රැගෙන ගොස් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම තෛයිපූසයි දේව මෙහෙය පැවත්වෙයි.
මෙවර මහකන්නයේ වී ගොවිතැන් සාරථක වීමත් අදිරි කන්නයන්හි ගොවිතැන් සාර්ථක වේවා යන්න සම්බන්ධවත් මෙම විශේෂ දේව පූජාව උතුරේ ගොවි ජනතාව විසින් සිදු කරනු ලබයි.
මෙහිදී හිරු දෙවියන් ප්‍රධාන කොටගෙන කුඹුරෙන් නෙළාගන්නා පළමු ගොයම් අස්වැන්න පුජා කිරීම එහි සම්ප්රදාය වෙයි.
මේලෙසින් වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්රීරක්කයන්හී වී අස්වනු නෙළීම මේවන විට ආරමිභ කොට තිබෙනවා.
(යාපනය නල්ලූර් කෝවිලේ පූජක වරුන් විසින් වී අස්වැන්න නෙලීමේ තෛ පූසයි පූජාවෙ චඣායාරූප එවා ඇත)