ජින්තුපිටියේ‍ වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 06:10

ජින්තුපිටියේ‍ වෙඩි තැබීමක්

ඊයේ රාත්‍රී 9ත් 9.30ත් අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය, ජින්තුපිටිය වීදිය ප්‍රදේශයේදීයි මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 06:10