fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය විසිකළ අයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 16:58

මාතර බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය විසිකළ අයෙකු අත්අඩංගුවට

2024.01.23 වන දින පෙ.ව.09.30ට පමණ මාතර බන්ධනාගාරයේ ප්‍රධාන තාප්පයට පිටතින් ඇති අංක 02 මුර අට්ටාලට අසල මාර්ගයේ සිට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් බන්ධනාගාර තුළට යම් පාර්සලයක් විසි කර තිබෙනවා.

ඒ අනුව, අංක 02 මුර අට්ටාලයේ දැඩි සෝදිසියෙන් රාජකාරී සිදු කළ නිළධාරීයා මෙම සිදු වීම නිරීක්ෂණය වී නිලධාරීයා දැක්වු ප්‍රතිචාරයට අනුව ආසන්නයේ පිහිටි රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයේ නිළධාරින් විසින් එක් පුද්ගලයෙකු ඔවුන්ගේ භාරයට ගෙන බන්ධනාගාර නිළධාරීන්ට භාර දී තිබුණා.

බන්ධනාගාරය තුළ විසිකළ පාර්සලයේ තිබී

• අයිස් යැයි සැකකළ හැකි පැකට් 01ක්
• හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01ක්
• සිම්පත් 01ක්
• ලයිටර් 02ක්
• ජංගම දුරකථන බැටරි 02ක්
• දුම්කොළ 10 ක්

අත්අඩංගුවට ගෙන අදාළ පුද්ගලයා සහ තහනම් ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සදහා මාතර මූලස්ථාන පොලිස්ථානයට භාරදෙන ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය මගින් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්