fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියේ කියලා රවට්ටලා කප්පම් අරන්

hasiniek
By hasiniek ජනවාරි 24, 2024 15:56

පොලීසියේ කියලා රවට්ටලා කප්පම් අරන්

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් බවට වාර්තා ලැබී ඇති බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයෙක් බවයි

සැකකරු ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් ලබාගෙන ඔවුන් පාස්කු පාරට සම්බන්ධ බවත් ඒ සම්බන්ධව දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබී ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවටයි පවසා ඇත්තේ.

එසේ සිදු නොකිරීමට නම් ලබා දෙන ලද බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙසත් එසේ නොකරන්නේ නම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට තර්ජනය කර කප්පම් මුදල් ලබා ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කඩවත පොලිස් ස්ථානයට වාර්තා වූ පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

hasiniek
By hasiniek ජනවාරි 24, 2024 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්