fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිමිනමක් ලෙස පෙනී ඉඳලා කාන්තාවක්, දරුවෙක් හා දැරියක් සමග ගෙයින් ගෙට ගොස් සිඟමන් ඉල්ලලා

hasiniek
By hasiniek ජනවාරි 24, 2024 15:06

හිමිනමක්  ලෙස පෙනී ඉඳලා කාන්තාවක්, දරුවෙක් හා දැරියක්  සමග ගෙයින් ගෙට ගොස් සිඟමන් ඉල්ලලා

චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් කෘෘරත්වයට පත්කළ පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිවුරු පොරවාගත් පුද්ගලයෙකු, කාන්තාවක්, දරුවෙක් හා දැරියක් ගෙයින් ගෙට ගොස් සිඟමන් යදින බවට බම්බලපිටියේ ශාන්ති විහාරයේ වැඩවසන හිමිනමක් විසින් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අවුරුදු 38ක් වූ ගලහේනකන්ද, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී භික්ෂු හැඳුනුම්පතක් තිබී නොමැති අතර, මොහු නාරම්මල ප්‍රදේශයේ පිරිවෙනක පෙදරේරුවෙකු ලෙස සේවය කර කෙටි කාලයක් විහාරස්ථානයක පැවිදිව සිට ඇති බවත් පසුව එම විහාරස්ථානය හැර ගිය අයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා සමග සිටි වයස අවුරුදු 13ක පිරිමි දරුවා දහ අවුරුදු 14ක ගැහැනු දරුවා ඔහුගේ බවට අනාවරණය වූ තොරතුරු අනුව අනාවරණය වුවත් එම පුද්ගලයා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන්ව කෘෘරත්වයට පත්කිරීමේ වරද මත බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 24, 2024 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්