fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 11:29

ධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ

තංගල්ල මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක් තුළ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම ලබා දුන්නා.

2012 වසරේ ඔක්තෝබර් 15 වනදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය තේජාන් නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු මෙසේ ඝාතනය කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳීගේ මහතා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව ප්‍රකාශ කළා.

ඉන් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්