fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 06:31

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද(24) පෙරවරු 9.30ට රැස් වෙනවා.

පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

එසේම අද ප.ව 5.00ට පමණ ශ්‍රී ලංකා ආයෝජන පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝග, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ අංක‍ 2363/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවා‍දයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව, පාර්ලිමේන්තුවේ වසර 40කට ආසන්න කාලයක් රාජකාරි සිදු කොට විශ්‍රාම ගැනීමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක වෙන් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2024 06:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්