fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සොම්බි වෛරස සාමාන්‍ය පරිසරයට නිරාවරණය වීමෙන් දරුණ වසංගත තත්ත්වයන් ?

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 15:37

සොම්බි වෛරස සාමාන්‍ය පරිසරයට නිරාවරණය වීමෙන් දරුණ වසංගත තත්ත්වයන් ?

ආක්ටික් කලාපයේ පවත්නා සොම්බි වෛරස සාමාන්‍ය පරිසරයට නිරාවරණයවීම හරහා අතිශය දරුණ වසංගත තත්ත්වයන් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

ආක්ටික් කලාපයේ ගණ අයිස් තට්ටුවලට යටව ඇතැම් වෛරස වසර 48,000කටත් අධික කාලයක් පුරා ජීවීව පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ග්ලැසියර් දියවීම හරහා මෙම වෛරස සාමාන්‍ය පරිසරයට නිරාවරණය වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

එම වෛරස සාමාන්‍ය පරිසරයට නිරාවරණය වුවහොත් දරුණු වසංගත තත්ත්වයන් ඉතා ක්ෂණිකව ව්‍යාප්ත වීම හරහා ලොව පුරා සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමකට ලක්විය හැකි බවද විද්‍යාඥයින් තවදුරටත් පවසනවා.

කෙසේ වුවද මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලොව බලවත් රටවල් රැසක විද්‍යාඥයින් එක්ව පර්යේෂණ සිදුකරනවා.

hasiniek
By hasiniek ජනවාරි 23, 2024 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්