වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා
එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාද සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව දැනුම්දෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බවයි.
මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව අද රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇත්තේ අදාළ දීමනාව මෙම මස වැටුප සමඟ ලබා නොදෙන්නේ නම් හෙට දිනයේ මෙම වර්ජනය දියත් කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.